ඔවුහු ‘මැරතන්’ නිසා ආබාධිත වූහ.

පසුගියදා වෙබ් අවකාශයේ මැරතන් ඉසව්වක් පැවැත්වුණී. එය සාර්ථකව අවසන් වූ බවද දක්නට ලැබුනි. දැන් ‘පශ්චාත් මැරතන් ප්‍රචණ්ඩ ක්‍රියා’ නොහොත් ‘කොමන්ට්ස් මැරතන්’ ආරම්භ වී ඇත.

සාමාන්‍යයෙන් ඕනෑම තරගයකදී ආබාධයට ලක්වන්නේ හෝ ලක්වීමට ඉඩ තිබෙන්නේ ඊට සහභාගී වන තරගකරුවන්ය. නමුත් අවාසනාවට, මේ තරගයේදී ආබාධවලට ලක්වී ඇත්තේ ‘තරග සංවිධායකයින්’ සහ ‘මාධ්‍ය අනුග්‍රාහකයින්’ වීම කණගාටුවට කරුණකි.

තරග සංවිධායකයින් අවසාන මොහොත වන තෙක් ම තමන්ට අවශ්‍ය තොරතුරු ලබා නොදුන් බව මාධ්‍ය අනුග්‍රාහකයින්ගේ චෝදනාවයි. තමන් අධික ලෙස කාර්ය බහුල වූ බව සංවිධායකයින්ගේ පිළිතුරයි.

තරගයට අදාල තොරතුරු ලබාදීම හෝ නොදීම සංවිධායකයින් සතුව තිබූ අයිතියකි. තරගය ඔවුන්ගේය. නමුත් ඔවුන් ඊට පූර්වයෙන්ම කැමැත්ත දක්වා තිබුණි. සංවිධාකයින් දක්වන හේතුන් සාධාරණීකරණය කරන්නට ඔවුන් විවිධ සාක්ෂි ගෙනහැර පා තිබෙනු දක්නට ලැබුණි.

මාධ්‍ය අනුග්‍රාහකයෝ තරගය නැරඹිම සඳහා මෙන්ම වතුර ගැසීම සඳහාද වැඩි පහසුකම් සහිත අලංකාර වේදිකාවක් තනා තිබූ බව කීම අතිශයෝක්තියක් නොවේ. නමුත් එතනට ගොඩවූ ප්‍රේක්ෂකයාට සෑම තරගකරුවෙකුම දැක ගැනීමට නොහැකි වීම ඉතා අභාග්‍යසම්පන්න සිදුවිමක් වූයේය.

තව තවත් මේ ගැන කතාකිරීම කාලය නාස්ති කිරීමකි. කුමක් හෝ හොඳ වැඩක් කරන්නට ගොස් අවසානයේ නා ගෙන, හැම තැනම ගා ගැනීම සිංහල අපට ජන්මයෙන් ලැබුණු පුරුද්දකි. මේ දෙපාර්ශවයේම යෝජනා චෝදනා වල සත්‍යයක් තිබෙන්නට පුළුවන. (මේ වාද විවාද නිසා චූන් වී, කාළකණ්නි සතුටක් ලැබූ පිම්පියෝද සිටිනු දක්නට ලැබුණි) නමුත් මේ දෙපිරිසම මීට වඩා මේ ගැන සැළකිලිමත් වූවා නම්, මේ කර්තව්‍ය මීට වඩා දැකුම්කළු වන්නට ඉඩ තිබුණි.

දෙපාර්ශවය දෙපැත්තට වී එකිනෙකාට ගල් මුල් ගසා ගැනීම නිසා, සාර්ථක තරග ඉසව්වක් අවසානයේ වුවද තරග සංවිධායකයෝ සහ මාධ්‍ය අනුග්‍රාහකයෝ යන දෙපිරිසම ආබාධවලට ලක්වී ඇත්තාහ. මේ ආබාධ සුව වීමට බො‍හෝ කාලයක් ගතවනු ඇත.

කාගෙ කාගේ කිල්ලෝටවලත් හුණු ටික ටික ඇත. ඔබ දෙපිරිසටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

Advertisements
Published in: on 2010 අප්‍රේල් 25 at ප.ව. 7:30  Comments (6)  

The URI to TrackBack this entry is: https://wakkada.wordpress.com/2010/04/25/%e0%b6%94%e0%b7%80%e0%b7%94%e0%b7%84%e0%b7%94-%e2%80%98%e0%b6%b8%e0%b7%90%e0%b6%bb%e0%b6%ad%e0%b6%b1%e0%b7%8a%e2%80%99-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%86%e0%b6%b6%e0%b7%8f%e0%b6%b0/trackback/

RSS feed for comments on this post.

ප්‍රතිචාර 6ප්‍රතිචාරයක් ලබාදෙන්න

  1. පොන්න සිතුවලි නොන්ඩි උනා හිට්ස් බහිනවා කියලා මාව අයින් කලා ඔය හිටස් බහින්න වැදුනේ මඩ ඔය මඩ පාර කවදා උනත් ගුගල් සෙවුමක් කලොත් හැමෝට දැකගන්න පු ලුවන් වෙයි එක නිසා වොෂින් මැෂින් දාලවත් මඩපාර අරින්න බැරි වෙයි.

    පරන මඩ http://www.google.lk/search?client=firefox-a&rls=org.mozilla%3Asi%3Aofficial&channel=s&hl=en&source=hp&q=%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92&meta=&btnG=Google+Search

    අලුත් මඩ වැදුනාම හිට්ස් දෙගුනයක් බහිවි

  2. mmm…

  3. ඒක ඇත්ත

  4. @බණ්ඩා
    Quote
    (මේ වාද විවාද නිසා චූන් වී, කාළකණ්නි සතුටක් ලැබූ පිම්පියෝද සිටිනු දක්නට ලැබුණි)

    අනිවා.. උදාහරණ මේ හරියෙම ටිකක් උඩිං තියේ 😀

  5. I also posted about this machang
    http://kalavama.blogspot.com/2010/04/blog-post_25.html

    Good Post machang

  6. A creative way which talk about the trends which r in our society


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: